lakbima.lk

නීතිවිරෝධී දුම්වැටි ළඟ තබා ගත් පුද්ගලයකු දඹුල්ලේදී අත්අඩංගුවට

පොලීස් නිලධාරින් කණ්ඩායමක් විසින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙහි සිදුකරන ලද වැටලීමකදි නීතිවිරෝධි ලෙස ආනයනයනය කරන ලද  දුම්වැටි හැත්තෑහතරක් (74) සන්තකයේ තබාගන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

අනතුරුව මෙම සැකකරු දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

මෙහිදි පොලීසිය කියා සිටියේ සැකකරු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගන යනු ලබන ආපනශාලාවක අලෙවිය සදහා මෙම දුම්වැටි තබාගන සිටියදී අත්අඩංගුවටගත් බවය.

අනතුරුව මොහු චෝදනාවට වරද පිලිගත් බැවින් මහේස්ත්‍රාත් අයි.එම්.එස්.බී.ඉලංගසිංහ මහතා විසින් විත්තිකරුට රුපියල් විසිදහසක (රු.20000/=) දඩයක් නියමකර දුම්වැටි තොගයද විනාශ කිරීමට නියෝග කලහ.

අශෝක එරමිනිගම්මන - දඹුල්ල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.