lakbima.lk

මුලතිව් රිය අනතුරකින් යුද හමුදා පොලිස් නිළධාරියෙක් මරුට

මුලතිව්, වට්ටාපලෙයි ප්‍රදේශයේ ඊයේ (16) සවස සිදුවු රිය අනතුරකින් යුද හමුදා පොලිස් නිළධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් යුද හමුදා පොලිස් නිළධාරියෙකු තුවාල ලබා ඇති බව මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ කැන්ටර රථයක් මුලතිව් වට්ටාපලෙයි කෝවිලට පිවිසෙන මංසන්ධියේ ‍රාජකාරියේ නියුතු යුධ හමුදා පොලිස් නිළධාරීන් ‍දෙදෙනෙකුගේ ගැටී ඇති බවයි.

අදාළ අනතුරින් මුලතිව් ආරක්ෂක ‍සේනා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 22ක් යුධ හමුදා පොලිස් නිළධාරියෙකු ජිවිතක්ෂයට පත්ව වයස අවුරුදු 32 ක් වන තවත් නිළධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළ වාහනය ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව - මාධව කුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.