lakbima.lk

මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්

 

මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පාසල් ප්‍රධානීන්ට රූප සටහන් සහිත ලිපියක් යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ. ඒ හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා පසුගිය දිනවල පාසල් කිහිපයකම මේ සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්වය සමනය කිරීමට වෙනුවෙනි.

මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳව පාසල් ප්‍රධානීන්ට දැනුවත් කිරීමට අමාත්‍යවරයා විසින් එවු ලිපිය.  

මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණය කර ගෙන ඇතැම් පුද්ගලයින් පාසලට පැමිණීම මෙන්ම සමහර ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම ද හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, එවැනි සිද්ධියක දී පාසල් ප්‍රධානීන් මැදිහත් වියයුතු ආකාරය සහ පාසල්වලට ඇතුල්වීමේ දී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුළත් විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම විශේෂ ලිපිය අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමු කොට තිබෙනවා.

එම ලිපිය හා තහනම් කරන ලද හිස් ආවරණ පිළිබඳ දැක්වෙන චිත්‍රණය ද මේ සමඟ යොමු කොට තිබේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.