lakbima.lk

යතුරු පැදියේ ගැටී පදික මරුවෙන් ගමන් කළ අයෙක් මරුට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කොග්ගල ප්‍රදේශයේ (12) ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක මාර්ගය හරහා පදික මාරුවකින් ගමන් කළ පුද්ගලයකු ගැටි සිදුවු අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කළුගල ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක්වූ හබරාදුව කොග්ගල සිංහ ධීවරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෘතශරීරය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්තඩන්ගුවට ගෙන තිබෙන අතර හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

හබරාදුව - අනුර ලියනගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.