lakbima.lk

යතුරුපැදිය කනුවේ ගැටී නගරසභා අපේක්ෂක මරුට

දඹුල්ල - ගල්කිරියාගම මාර්ගයේ දඹුලුඔය ජලාශ මාර්ගයේ ධාවනයවූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය ආසන්නයේ තිබු දුරකථන රැහැන් කනුවක ගැටීමෙන් බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඊයේ (29) පස්වරුවේ ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල නාවගස්හින්න ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සංජිත් කරුණාතිලක යන අයයි. මියගිය අය දඹුල්ල මහා නගර සභාවට තරඟ අපේක්ෂකයෙකි. එසේම ඔහු මිට මාස දෙකකට පමණ පෙර විවාහවූ අයෙකි.

මෙම අනතුර පස්වරු 6.00ට පමණ සිදුව ඇත. අනතුරට පත්ව බරපතල තුවාල ලබා මාර්ගයේ වැටි සිටියදී අසල්වාසීන් විසින් පුදගලයා සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ. දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

දඹුල්ල-අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.