lakbima.lk

සැකකටයුතු ලෙස දින 3ක් වතුකරයේ සැරිසැරූ තිදෙනෙක් පොලිසියට භාරදෙයි

දින තුනක් තිස්සේ ත්‍රිරෝද රථයකින් වතුකරයේ සැරි සැරු මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් වතු කම්කරුවන් විසින් අල්ලා අද (06) බගවන්තලාව පොලිසිය වෙත භාර දි ඇත.

මෙම සැකකරුවන් තිදෙනා තේ වතු ආශ්‍රිතව අලිගැට පේර එකතු කරමින් බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන්, එල්ටොප්ස් යන වතුවල සැරිසරමින් සිටියදි තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් මෙම තිදෙනා පිලිබදව සැක සිති අල්ලා බගවන්තලාව පොලිසිය වෙත භාර දි ඇත.

සැකකරුවන් තිදෙනා පැමිණි ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර  සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.

රංජිත් රාජපක්ෂ - හැටන් 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.