lakbima.lk

ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරළී කාන්තාවන් දෙදෙනෙක් මරුට

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (10) රාත්‍රී මෙම අනතුර සිදුවී තිබෙන අතර ත්‍රිරෝද රථයේ රියදුරු, කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි ළමුන් දෙදෙනෙක්, ගැහැණු ළමයෙක් ඇතුළුව හය දෙනෙකු ගමන් කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ මීගහකිවුල පදිංචි 36 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ නිරංගිකා දිල්හානි සහ ඇල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විජේසුන්දර මුදියන්සේලාගේ ඥාණවතී යන අයයි.

තුවාල ලැබූ රියදුරු සහ ළමුන් තිදෙනා බණ්ඩාරවෙල රෝහලේ සහ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර  ඇල්ල පොලිසීය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.