lakbima.lk

කේරළ ගංජා කිලෝ 132ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

 

මැදවච්චිය සීපි නගරයේ මාර්ග බාධකයේදී මැදවච්චිය පොලීසිය සිදු කළ සෝදිසියකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 132ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

මැදවච්චිය පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී කෝරළ ගංජා පාර්සල් 66ක් සොයා ගැනීමට සමත් විය. එම පාර්සල් 66 තුළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 132ක් තිබී අතර මෝටර් රථයේ ගමන් ගත් සැකකරුවන් දෙදෙනෙක් සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 48, 52 වයස්වල පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන තිබේ.

සැකකරුවන් අද දින අනුරාධපුර මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.