lakbima.lk

මමත් උපන්ගෙයි ශ්‍රීලනිප උරුමක්කාරයෙක් - එ.ජා.ප පාතදුම්බර නව සංවිධායක

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකු අද (11) එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස පත්වීම් බාරගෙන තිබේ. ඒ, ලලිත් දිසානායක සහ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ය.

එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසනයේ නව සංවිධායක ධූරය ලබා ගැනීමෙන් පසු ලක්බිම වෙත අදහස් දැක්වූ, හිටපු මධ්‍යම පළාත් අමාත්‍යවරයෙකු මෙන්ම, හිටපු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ, උපන්ගෙයි සිටම ශ්‍රීලනිපයේ උරුමක්කාරයකු වූ තමාටද පක්ෂයේ පවතින විසඳාගත නොහැකි ගැටළු හේතුවෙන් පක්ෂය හැරයන්නට සිදුවූ බවයි.

“මගේ සීයා හිටපු සංස්කෘතික ඇමති ටී.බී තෙන්නකෝන් ශ්‍රීලනිපයේ ආරම්භක සාමාජිකයෙක්. මගේ පියා යසරත්න තෙන්නකෝන් ශ්‍රීලනිපය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මම 1997දී ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති විදියට පත්වෙද්දිත් සෙංකඩගල ශ්‍රීලනිප සංවිධායකවරයා මමයි. ඒත් දැන් පක්ෂයට උදා වෙලා තිබෙනන තත්වයත් එක්ක මේ ගත් ක්‍රියාමාර්ගය හැර වෙන විකල්පයක් නැහැ.“

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස දීර්ඝකාලයක් කටයුතු කර ඇති අතර, පාර්ලිමේන්තුවද නියෝජනය කරතිබේ.

එක්සත් ජාතික පක්ෂයේ අරණායක ආසනයේ නව සංවිධායකවරයා වන නිතීඥ ලලිත් දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ප්‍රධාන සංවිධායකවරයා විය. ඔහු සබරගමුව පළාත් අමාත්‍යවරයකු ලෙස මෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ අයෙකි.

චම්ලි ඒකනායක

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.