lakbima.lk

රුධිර පට්ටිකා හිඟවන ලකුණු

ඉදිරියේදී නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ  රුධිර පට්ටිකා හිඟයක් ඇතිවිය හැකි බව එම මධ්‍යස්ථානය පවසයි. මෙයට හේතුව වී ඇත්තේ පසුගිය මාසයේදී ජංගම රුධිර කඳවුරු පැවැත්වීම අඩුවීම නිසා බවද එම මධ්‍යස්ථානය පවසයි.

කොළඹ ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික රෝහල් සඳහා සතියකට  නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිර පට්ටිකා ඒකක 1500 ක් පමණ නිකුත් කරයි. එබැවින් අවම වශයෙන් එක් සතියකට ජංගම කඳවුරු 15ක් පැවැත්විය යුතුවේ. එහෙත් පසුගිය මාසයේ පවත්වා ඇත්තේ කඳවුරු 55ක් පමණි. මෙලෙස කඳවුරු අඩුවීමෙන් ප්‍රධාන බලපෑම ඇතිවන්නේ රුධිර පට්ටිකා සඳහා බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

එක් පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා රුධිර පයින්ට් එකකින් රුධිර පට්ටිකා සාදා ගැනීමට හැකිවනුයේ එක් ඒකකයක් පමණක් වන අතර එයද කල් තබාගත හැකි වනුයේ දින පහක් පමණක් බැවින් මෙම ගැටලුව මතු වී තිබේ.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතියේ ඕනෑම දිනක විවෘතව පවතින බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ට ‍ලේ බැංකුවට පැමිණ රුධිර පරිත්‍යාග කළ හැකි බවත් එමගින් මෙම ගැටලුව අවම කර ගත හැකි බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

තනුජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.