lakbima.lk

තෙල් මිල අඩු කළාට බස්ගාස්තු අඩු කරන්නේ නෑ

ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් මත බස් ගාස්තුව කිසිදු ලෙසකින් පහත නොදමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් පැවැසීය.

පසුගිය 10වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් හා ඩීසල් මිල රුපියල් 2කින් පහත දැමුවේය. ඉන්ධන මිලෙහි මෙවැනි සුළු වෙනසක් වූ පමණින් අවම බස්ගාස්තුවද පහත නොදමන බව අංජන ප්‍රියංජිත් පැවැසීය.

බස් කර්මාන්තයට බලපාන සෙසු පිරිවැයන් ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති නිසා නැවත ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන තුරු බස් ගාස්තුව අඩු කිරීමට ඉඩ නොදෙන බව හෙතෙම පැවැසීය.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.