lakbima.lk

පාර්ලිමේන්තු විනය රකින්න නව නීති පද්ධතියක්

පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට නව නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. රජය මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන් ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පසුවය.

පාර්ලිමේන්තුවේ විනය රැකීමට උපරීම ක්‍රියාමාර්ග ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කථානායක කරු ජයසූරිය හා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි යන අය සමග පෞද්ගලිකව සාකච්ඡා කොට තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇති රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය ආරක්ෂා කිරීමට නීතියෙන් ගෙන ඇති පියවර ගැන අධ්‍යයනය කොට වාර්තාවක් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සභානායක ලක්ෂමන් කිරිඇල්ලට  උපදෙස් දී ඇත.

රටට ආදර්ශයක් වන ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමත් ඒ වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විනය රැකීමට ගතයුතු නීති ප්‍රතිපාදන රජයේ අනුමැතිය සහිත යෝජනාවක් ලෙස ගෙන ඒමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් තීරණය කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.