ගාල්ල කරාපිටිය රෝහලේ රථගාලේ දී ඇති වු සිද්ධියක් මත වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් ඊයේ (05) දහවල් රෝහල් පරිශ්‍රය තුළදී විශේෂඥ වෛද්‍යවරයෙකු තවත් වෙද්යවරයෙකුට පහරදී තිබේ.
කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ රථගාලේ වෙනත් වෛද්‍යවරුන් ඔවුන්ගේ මෝටර් රථ නතර කිරීම සම්බන්ධයෙන් ඇතිවු එකී ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත.
තුවාල ලැබු වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. මෙම රථගාලේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ මෝටර් රථ නතර කිරීම සම්බන්ධයෙන් මෙයට මස කිහිපයකට පෙරද විශේෂඥ වෛද්‍යවරුන් සහ සාමාන්‍ය වෛද්‍යවරුන් අතර ගැටුම් හට ගෙන තිබිනි.
මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡාවක් පවත්වන බවත්, වෛද්‍යවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්ද ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ නිලධාරීන් පවසයි.
හබරාදුව - අනුර ලියනගේ