lakbima.lk

වතු කම්කරු වර්ජනය තෙවන දිනටත්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තුන්වන දිනටත් අද (06)  දිනයේද පැවැත්විණි.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු හාම්පුතුන්ගේ සංගමය සමග කරන ලද සකච්ඡා අසාර්ථක විමත් සමග ලංකා කම්කරු කොංග්‍රසය විසින් මෙම වැඩ වර්ජනය සංවිධානය කරන ලදි.

 

වතු කම්කරුවන්ට මේ වන විට ලැබෙන දෛනික වැටුප ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත මෙම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ යුතු බවත් මේ සදහා වතු හාම්පුතුන්ගේ සංගමය සමග කරන ලද සකච්ඡා අසාර්ථක විමත් සමග මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසීය.  

මේ වන විට වතුකරය තුළ මෙම වැඩ වර්ජනය සාර්ථකව කරගෙන යන බවත් මෙය කඩා කප්පල් කිරිම සදහා සමහර වෘත්තිය සමිති උත්සාහ කරන බවත් එහෙත් ලංකා කම්කරු කොංග්‍රසය එම උත්සහයන් පරාජය කරමින් මෙම වැඩ වර්ජනය ඉදිරියට කර ගෙන යන බවද ඔහු වැඩ දුරටත් පැවසීය.

 

මෙම වැඩ වර්ජනය සදහා වතු කරයේ තවත් වෘත්තිය සමිති කිපයකම සහය ලැබි අතර තම දෛනික වැටුප වැඩි කරන තෙක් මෙම වර්ජනය ඉදිරියට කර ගෙන යන බවත් වතු කම්කරුවෝ පවසති.

සුදත් සෙල්ලහේවා - හැටන්

ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.