lakbima.lk

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නාවික හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හැරීම අධිකරණය අද නියෝග කළේය.

රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියම කර තිබේ.  මෙම නඩුව ලබන වසරේ ජනවාරි 16 යළි කැඳවීමට නියමිතය.

කොටහේන ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක සැක කරුවෙකු වන නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවීසිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු පසුගියදා අත්අඩංගුවට පත්විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.