lakbima.lk

ජනපති තීන්දුව ගැන පෙත්සම් විභාගය යළි හෙට

පාර්ලිමේන්තුව විසුරුව හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයේ දෙවනි දිනය වු අද දිනයට අවසන් විය. වැඩි දුර විභාගය යළි හෙට උදෑසන සිදු කිරීමට නියමිතය.

අද දිනයේ නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය කරුණු දැක්වීම සිදු කළ අතර ඉන් අනතුරුව අතරමැදි පෙත්සම් කරුවන් ඔවුන්ගේ කරුණු දැක්වීම් ඉදිරිපත් කළහ.

අගවිනිසුරු නලීන් පෙරේරා බුවනක අළුවිහාරේ, සිසිර ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම් විභාගය සිදු කරති.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.