lakbima.lk

ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරියේදී යාපනයට

ඉරණමඩු  ජලාශයේ අතිරික්ත ජලය ඉදිරි කාලය තුළදී යාපනය ප‍්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි. මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු දෙවන ක‍්‍රියාන්විතය වන ප‍්‍රතිසංස්කරණය කරන ලද දැනට වාන් දැමීමට ආසන්නව පවතින ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකින් අනතුරුව ඔහු මේ බව පැවසීය. 

අක්කර 21000ක භූමි ප‍්‍රමාණයක ඉදි කර ඇති ඉරණමඩු ජලාශය යුධ සමයේ අඩාල වූ වාරි කර්මාන්තය සහ ජන ජිවිත යලි ගොඩ නැගීමේ අරමුණ මූලික කර ගනිමින් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 2000කට වැඩි වියදමක් දරා ඇති බවත්, මෙයට පෙර අඩි 34 කින් යුතු වුවත් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අඩි 36කින් යුත් මෙම වාන මේ වනවිට අඩි 35ක් ඉක්මවා ජලය පිරි ඇති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා  සඳහන් කළේය.

එසේම ප‍්‍රදේශයේ ජිවත් වන පවුල් 9180කට මෙම ජලාශයෙන් සෙත සැලසෙන බවත්,  මහ කන්නයට පසුව යල කන්නයේදීද ගොවිතැන් කටයුතු කර ගැනීමට මෙම ජලාශය මහත් පිටිවහලක් වන බව ප‍්‍රකාශ කළ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේ සඳහා සහය දුන් නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා සියලූම දෙනාටත්, විදේශීය ණය ආධාර ලබා දුන් ආයතන වලටත් මධ්‍යම රජයට සහ පළාත් සභාවටත් විශේෂ ස්තුතියක් පිරිනමන ලදී.

ප‍්‍රදේශයේ ජනතාවට තමන්ගේ කෙත් වතු සාරවත් කර ගැනීමට මෙම ජලය ලබා ගත හැකි සේම පානීය ජලය සඳහා ද සුදුසු වන බව සඳහන් කළ ආණ්ඩුකාරතුමා මෙම ජලාශයේ අතිරික්ත ජලය ඉදිරි කාලය තුළදී යාපනය ප‍්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම්, පළාත් ඉංජිනේරු සහ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන්, රජයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන්ද සහභාගි වූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.