lakbima.lk

තංගල්ල නගර සභා අයවැය පරාදයි

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ 2019 සදහා වූ අයවැය අද (05) දින වැඩි ඡන්ද 03න් පරාජයට පත් වූහ.  තංගල්ල නගර සභාවේ සභාපති රවිදු වෙදආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසරේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු ගත අය වැය මෙලෙස පරාජයට පත් වූයේය.

අද පෙරවරු 10 ට තංගල්ල නගර සභාවේ අයවැය සම්මත කර ගැනීම සදහා පවත්වන ලද රැස්වීමේදී අයවැය සම්බන්ධව නාගරික මන්ත්‍රී වරන් අදහස් දැක් වූ අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත් වූවේය. අයවැයට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරන් 07  දෙනා ඡන්දය ප්‍රකාශ කළේය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රී වරුන් 06 ත් එක්සත් ජනතා නිදහස් සංධානයේ  මන්ත්‍රී වරයාත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු 02 ත් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී අරලිය එරන්දිම සිල්වා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

අයවැය ඉදිරිපත් කරමින් සභාපති රවිදු වෙදආරච්චි පවසා සිටියේ සියළු දෙනාගේම අදහස් පිළබදව අවධානය යොමුකොට අය වැය ලේඛණය ඇදූ බවත් තමන් ගේ මංගල අයවැයට සහයෝගය ලබා දෙන ලෙසත්ය. අයවැය ලේඛණයේ යම් අඩුපාඩු ඇත්නම් ඒවා සැලකිල්ලට ගෙන සංශෝධනය කිරීමට බාධාවක් නැති බවද සභාපතිවරයා පැවසීය. එමෙන්ම අයවැය පැරදුනද සභාපතිවරයාට අයවැය ලේඛණය ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් බලය හිමිවෙන බවද සභාපතිවරයා පැවසීය.

චන්ද්‍රසේන ගමගේ - තංගල්ල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.