පැසිෆික් සාගරයේ ලෝයල්ටි දූපත් ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් සිදු වි තිබේ. මෙම භූමිකම්පාව සිදුවීමත් සමඟ පැසිෆික් මුහුදු කලාපයේ ලෝයල්ටි දූපත්, වනුආතු ,ෆීජි හා නව කැලිඩෝනියානු දූපත් වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
භූ කම්පනය සිදුවූ අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1000ක් ඇතුළත ප්‍රදේශයට සුනාමි රළ පහරේ බලපෑම එල්ල විය හැකි බව වැඩිදුරටත් පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇඟවිම් මධ්‍යස්ථානය පවසා සිටී. එහෙයින් වෙරළබඩ දූපත්වාසීන් එම ස්ථාන වලින් ඉවත් කෙරෙමින් පවතියි. පැමිණිය හැකි සුනාමි රළ මීටර් 3- 12 අතර විය හැක.