lakbima.lk

වතු කම්කරු වර්ජනය දෙවන දිනටත්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් අද (05)  පැවැත්වේ.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු හාම්පුතුන්ගේ සංගමය සමග කරන සකච්ඡා අසාර්ථක විමත් සමග ලංකා කම්කරු කොංග්‍රසය විසින් මෙම වැඩ වර්ජනය ඊයේ (04) දින ආරම්භ කරන ලදි.

ඒ අනුව මේ වන විටත් මෙම වැඩ වර්ජනය පැවැත්වෙන අතර අදාල ඉල්ලීම් ලැබෙන තෙක්ම මෙම වැඩ වර්ජනය ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසීය.

සුදත් සෙල්ලහේවා -  හැටන්  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.