lakbima.lk

රට අරාජික කිරීමට තුන් කට්ටුවට අයිතියක් නෑ

මෛත්‍රී, රනිල්, මහින්ද රජ තුන් කට්ටුවේ පෞද්ගලික ප්‍රශ්න විසඳා නොගෙන ජනතා ඡන්දයෙන් මහජන නියෝජිතයන් පත් කර ගත් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට නොහැකිව රට අරාජික තත්ත්වයට පත් කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දඹුල්‍ලේ පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
එම සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේය. එහි ‍ලේකම් ටී.ඩී. සරත්, දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ ‍ලේකම් සාමාජික ඩබ්ලිව්.එම්. තිලකරත්න, සාමාජික සිරිල් යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
වර්තමානයේ රටේ ඇති වී තිබෙන අර්බුදය පැන නැඟී ඇත්තේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නොවන බවත් එය පාර්ලිමේන්තුව මගින් විසඳා ගත යුතු ගැටලුවක් බවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව සලසා දිය යුතු බවත් එසේ නොමැතිව විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සදාචාරාත්මක නොවන කටයුතු කිරීම ගැටලුවක් බවත් කරුණාරත්න මහතා පැවැසීය.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර 4 1/2 ක කාලයක් යනතුරු නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් පාර්ලිමේන්තුවේ 2/3 ක යෝජනා සම්මතයකින් විසුරුවා හැරීමට හැකි බැවින් ඊට අවස්ථාව සලසා දිය යුතු බව ද පාර්ලිමේන්තුවේ දී විසඳා ගත නොහැකි මෙම අර්බුදය ජනතාව විසින් සුදුස්සන් ජනතා නියෝජිතයන් වශයෙන් පත් කර ගැනීමෙන් විසඳා ගැනීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අශෝක එරමිනිගම්මන, දඹුල්ල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.