lakbima.lk

'සේනා' මර්දනය කෘෂිකර්මයෙන් මුදල්

ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන සේනා නමැති දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් සේනා දළඹු විශේෂය වාර්තා වී තිබේ. මුලින්ම මෙම දළඹු විශේෂය නයිජීරියාවෙන් මුල්වරට හඳුනාගෙන ඇති අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන්ද වාර්තා වී ඇත.  නොසන්සිදෙන කුසගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක රැයක් තුළ අක්කර දහසක වගාවන් විනාශ කළ හැකි අතර එක් දළඹුවෙක් එක් වරකට බිත්තර 200ක් දමන බව සොයාගෙන තිබේ. එමෙන්ම මෙම දළඹුවා හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකියාව පවතින බැවින් එම සළඹයාට දළඹුවන් බෝ කිරීම ශීඝ්‍රයෙන් සිදු කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති වන අතර ඉන් පසු දුඹුරු පැහැයට හැරේ. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටි පැත්තේ සුදු පැහැයෙන් ඉංග්‍රීසි වයි අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් ඇත.
මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට නැත්නම් 1920 හෝ 081-2388316 දුරකථනයට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

තනුජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.