lakbima.lk

මැතිසබය විසිරවීමේ බලය ජනපති සතුයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනය යටතේ වුව ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු වන බවට මෙරට නීතිවේදීන් හා නීතිඥ සංවිධාන විසින් පෙන්වා දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33-2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට බලය පැවැරී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙන්ම සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරුන් පේනවා දෙන්නේය.
කොළඹ දී ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවකදී දොළවත්ත මහතා පෙන්වා දෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට වසර 4 1/2 ක් බලා සිටිය යුතු නැති බවයි. ව්‍යවස්ථාවේ 33-2 (ඇ) වගන්තියට අනුව ව්‍යවස්ථාවේ අන් තැනක කුමක් සඳහන් වුවද පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, පාර්ලිමේන්තු කැඳවීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ඇත්තේය යනුවෙන් සඳහන් වන බව ද දොළවත්ත මහතා පෙන්වා දුන්නේය.
මේ අතර කථානායක කරු ජයසූරිය මහතා පිළිබඳ අදහස් දැක් වූ ඔහු සඳහන් කළේ කථානායක ධුරයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් පක්ෂග්‍රාහී නොවී සිය කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවය.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.