lakbima.lk

විග්නේශ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත්වෙයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බව දන්වමින් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාට නිල ලිපිය බාරදී ඇත.
මෙම ඉවත්වීමේ ලිපිය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට ගොස් සී. වී. විග්නේෂ්වරන් මහතා ලබාදීමත් සමග ඔහු තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයකු නොවන බව මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ සිටියදී පක්ෂය තුළ තමන්ට විවිධ අසාධාරණකම් වූ බවත් හෙතෙම එහිදී පවසා ඇත. එමෙන්ම තමන් කිසිවිටෙකත් උතුරු පළාතේ දේශපාලන කටයුතුවලින් බැහැර නොවන බව ඒ මහතා එම ලිපිය මගින් සඳහන් කර ඇත.
විග්නේෂ්වරන් මහතා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට ලිපියක් ලබා නොදුන්නද ඔහු අලුත් පක්ෂයක් නිර්මාණය කිරීම හේතුවෙන් විග්නේෂ්වරන් මහතා එම පක්ෂයෙන් මේ වනවිටද ඉවත් වී ඇතැයි මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

තනුජා නානායක්කාර


 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.