lakbima.lk

පාර්ලිමේන්තුව කැඳවීමට කල් දැමීමට කථානායකට බලය නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවීමට හා කල් දැමීමට පූර්ණ බලතල පවතින්නේ විධායක ජනාධිපතිවරයාට බැවින් කථානායකවරයාට ඒ සඳහා කිසිදු බලයක් නැති බව නිපුණතා සංවර්ධන හා තරුණ කටයුතු ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර හෝ පසු පාර්ලිමේන්තුව කල්තැබිමෙන් පසුව පාර්ලිමේන්තුවේ කිසිදු කාරක සභාවක්, කිසිදු කමිටුවක් හෝ කැඳවීමට කථානායකවරයාට බලතල දී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (07 දා) පැවැති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව කල් තැබිමෙන් පසුව නැවත පාර්ලිමේන්තුව කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සිය කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට පමණක් කථානායකවරයාට බලය තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

එම නිසා කථානායකවරයකුගේ ගෞරවය මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ද රකිමින් කටයුතු කරන ලෙස කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බව දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

එමෙන්ම පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී කිසිදු මන්ත්‍රීවරයකුට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවක් භාර ගැනීමට ද කථානායකවරයාට හැකියාවක් නැතැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.