lakbima.lk

පාර්ලිමේන්තුව රැස්කිරීමට පෙර ඇමැතිවරුන් පත් කරනවා

එළැඹෙ 14 දා පාර්ලිමේන්තුව රැස් කිරීමට පෙර කැබිනට් ඇමැතිවරුන් 30 දෙනා ඇතුළු අනිකුත් සියලු ඇමැතිවරුන් පත් කර අවසන් කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.  පාර්ලිමේන්තුව රැස්වීමේ දී අමාත්‍යවරුන්ට හිමි ආසන පැනවීම සිදුවන නිසා අදාළ අමාත්‍යවරු 14 දාට පෙර පත්කර අවසන් කරන බව මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

ඇමැතිවරුන් පත් කර නොමැති අමාත්‍යාංශවල ‍ලේකම්වරුන් සිය කාර්යයන් සිදු කරන බව ද ඔහු පැවැසීය.  නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් 17 ක් රාජ්‍ය ඇමැතිවරු 9ක්, නියෝජ්‍ය ඇමැතිවරු 9 ක් සහ ‍ලේකම්වරු 15 දෙනකු මේ වන විට පත් කර අවසන් බව ද මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.