lakbima.lk

ටී.එන්.ඒ. ස්ථාවරයේ වෙනසක් නෑ

දෙමළ ජාතික සන්ධානය මීට පෙර ගත් තීරණය වෙනස් නොකරන අතර එම තීරණයට අනුව ඉදිරියටත් ක්‍රියා කරන බව ඊයේ (07දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී පවසා තිබේ.

රටේ වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ජනාධිපතිවරයා සමග පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කොට තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා ගත් ඇතැම් තීන්දුවලට බලපෑ පසුබිම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි කර ඇති අතර එම මන්ත්‍රීවරුන්ද ඔවුන්ගේ තීන්දු ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇත.

සියලුම පක්ෂවල එකඟත්වයෙන් රටේ පවතින දේශපාලන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට සාකච්ඡා කර දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔවුහු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියා මාර්ග වලට එසේ සහයෝගය ලබා දීමට නම් දැනට තීරණය කර ඇති දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවද ඔවුහු ජනාධිපතිවරයාට මෙහිදී අවධාරණය කර තිබේ. මෙම ඉල්ලීමට තමා දැඩි අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා පැවසූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

තනුජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.