lakbima.lk

ජනමාධ්‍ය ජනපතිට

ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (07) පැවැසීය.  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය. 

සම කැබිනට් ප්‍රකාශක ධුරයක් ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබාදුන්නේ කෙසේදැයි මාධ්‍ය මෙහිදී විමසීය.

ඊට පිළිතුරු දුන් මහින්ද සමරසිංහ මහතා

එහි කිසිදු වැරැද්දක් නැහැ. කෙහෙළිය රඹුක්වැල්ල මහතාවත් මාවත් කැබිනට් ප්‍රකාශකවරු වශයෙන් පත් කිරීමට යෝජනා කළේ ජනාධිපතිවරයාමයි. එය කැබිනට් මණ්ඩලය අනුමත කළා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඕනෑම ආයතනයක් තමා යටතට ගැනීමට බලය තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා ජනමාධ්‍ය අමාත්‍යාංශය තමා යටතේ තබාගෙන කෙහෙළිය ඇමැතිවරයා රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කළා. කෙහෙළිය ඇමැතිතුමාට පුළුවන් සිය කැබිනට් පත්‍රිකා ජනාධිපතිතුමා හරහා ඉදිරිපත් කරන්න.

ජනාධිපතිතුමා යටතේ මෙම අමාත්‍යාංශය තිබුණාට කෙහෙළිය ඇමැතිතුමා තමයි ප්‍රායෝගිකව මෙම අමාත්‍යාංශය මෙහෙයවන්නෙ. සමහරවිට ඉදිරියේදී ආයතන ගැසට් කරන කොට මේ තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්.

පානුක රාජපක්ෂ

Comments  

0 #1 HECTOR PERERA 2018-11-07 23:38
pohottuwai athai danatama gori wage.oyoma yang.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.