lakbima.lk

ධීවර පරීක්ෂකවරයෙකු අල්ලස් දැලේ

ත්‍රිකුණාමලය ධීවර කාර්යාලයට අනුයුක්තව සේවය කරන ධීවර පරීක්ෂකවරයකු හා ප්‍රදේශයේ ධීවරයෙකු වන සිවිල් පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 35,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට පත්වී තිබේ.

බලපත්‍ර නොමැතිව සහ නීති විරෝධි ලෙස දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී ත්‍රීකුණාමලය නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කිරීම සඳහා ත්‍රීකුණාමල ධීවර දිස්ත්‍රික් කාර්යාලයට බාර දී ඇත.

පසුව බෝට්ටු එන්ජිම අධිකරණයට ඉක්මනින් ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රය සාදා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දීම සඳහා රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.

එම මුදලින් රුපියල් 35,000 ක මුදලක් අදාළ සිවිල් පුද්ගලයා මාර්ගයෙන් ලබා ගැනීමේ දී ත්‍රීකුණාමලය ධීවර කාර්යාලය තුළදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇත.

වැඩිදුර විමර්ශන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන අතර, විමර්ශනවලින් අනතුරුව සැකකරු ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.