lakbima.lk

නොකඩවා යනෙන ලෝකයේ දීර්ඝතම ගුවන් වාරය ඇරඹේ

අද (11) ගුවන් වාර ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලෝකයේ මෙතෙක් වාර්තා වූ දීර්ඝතම හා නොනවත්වා ධාවනය වන ගුවන් වාරයක් ඇරඹීමට සිංගප්පූරුව සමත් විය. ඒ අනුව  A 350-900 ULR එයාර් බස් වර්ගයට අයත් ගුවන් යානයක් යොදා ගනිමින් සිංගප්පූරුවේ ෂැංගි ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවාර්ක් ගුවන් තොටුපල තෙක් ධාවනය වීමට නියමිත ය.

මෙම ගුවන් වාරය සඳහා පැය 19 කට ආසන්න කාලයක්  වැය වන අතර ‍ ධාවනය වීමට නියමිත මුලු දුර කිලෝ මීටර් 15 341 කි. මෙම එක් ගුවන් වාරයක් සඳහා මඟීන් 161 කට එකවර සහභාගී විය හැකි බවත් ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවගේ පහසුව සඳහා මෙලෙස ගුවන් වාරයක් ඇරඹුණු බවත් පැවසේ. 

 

කෙසේ වෙතත් මෙවැනි ම  ගුවන්  වාරයක් මෙම ධාවන පථයේ ම 2004 දී ආරම්භ වුව ද පැවති අධික පිරිවැය හේතුවෙන් අත්හැර දමා ඇත. මෙවර ඉතා ප්‍රශස්ත ගුවන් යානයක් යොදා ගැනීමෙන් මෙම අවහිරය බලනොපවත්වන බව සිංග්ගප්පූරු බලධරයින් ප්‍රකාශ කර ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.