lakbima.lk

ව්‍යවස්ථාදායක සභාව හෙට පළමු වරට රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු සාමාජිකයන් දස දෙනා අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ (10දා) සවස පැවැති සාකච්ඡාවේදී පත් කර තිබේ.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දස දෙනාම මේ වන විට පත් කර ඇත. අගමැතිගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරල මහත්මියද විපක්ෂ නායකගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ මහතාද පත් කර ඇත. සුළු පක්ෂ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතාද පත් කර තිබෙන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගේ නියෝජිතයා මින් පෙරම පත් කර තිබූ අතර ඒ වෙනුවෙන් ඇමැති මහින්ද සමරසිංහ මහතා පත් කර තිබේ.

සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවෙඩ් යුසුෆ් හා මහාචාර්ය ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරු පත් කර ඇත. අගමැති, කථානායක හා විපක්ෂ නායක නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පළමුවරට හෙට (12දා) දිනයේ රැස්වී අගවිනිසුරු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතය.

ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.