lakbima.lk

තීන්දු රැසක් ගැනීමට ඒකාබද්ධය අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 69 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (11) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

මෙහිදී තවත් දේශපාන තීන්දු කිහිපයක් ගැනීමටද නියමිතය. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (9) රාත්‍රියේ ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට සහ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා කර නොතිබිණි.

එහිදී මේ සම්බන්ධයෙන් තමාට ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සමගද සාකච්ඡා කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම සාකච්ඡාව අද (11) රාත්‍රියේ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වේ.

කමණි හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.