lakbima.lk

කරාපිටියේ වෛද්‍යවරු රියගාල බෙදාගන්න බැරිව වර්ජනයේ

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට  බැණවැදී රාජකාරියට බාධා කිරීමට විරෝධය පළ කරමින් රෝහලේ  වෛද්‍යවරුන්  සාමාන්‍ය  රාජකාරී කටයුතුවලින් ඊයේ පෙරවරුවේ සිට (10) ඉවත්ව සිටියහ.

ඊයේ (10* පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව රැුස් වී මෙම තීන්දුව ගත් බවත් මේ පිළිබ`ද මව් සංගමය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් එම ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල සොයිසා මහතා පවසයි. වෛද්‍යවරුන් සාමාන්‍ය රාජකාරී කටයුතුවලින් ඉවත්වීම  නිසා කාරාපිටිය රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම සායන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබුණි. මෙම තත්ත්වය නිසා දුරබැහැර සිට සායන කටයුතු ස`දහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට ලක්වූහ.

 රජයේ  ආයතනවල සමාන අයිතිවාසිකම්  සියලූ‍ සේවකයන්ට හිමි වෙන්න  ඕන. මේ  ගැන අමාත්‍යාංශයද දැනුවත් කිරීමටද කටයුතු කළා. රාජකාරියට ප‍්‍රම‍්‍රඛතාවය දෙන්න  ඕන. රාජකාරියට එන  වෛද්‍යවරුන්ට තම මෝටර් රථ වාට්ටු අසල නතර කිරීමට ඉඩ දෙන්න  ඕන. විශේෂඥ වෛද්‍යවරු හදන්නේ රථගාල සම්පූර්ණයෙන්ම අයිතිකරගන්න. යැයිද මංජුල සොසියා මහතා කිවේය.

මේ පිළිබ`ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් විශේෂඥ වෛද්‍ය ක‍්‍රිෂාන්ත ජයසේකර මහතා පැවැසුවේ,

”මේ රථගාලේ තමයි   රෝහල් ඉතිහාසයේ ඉඳලා විශේෂඥ වෛද්‍යවරු තම මෝටර් රථ නතර කළේ. ඊයේ මේ රථ ගාලේ  සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ මෝටර් රථ 10ට අමතරව   වෙනත් මෝටර් රථ නතරකර තැබීමට පහසුකම්  නැති නිසා  විශේෂඥ වෛද්‍යවරයකු  ඉල්ලීමක් කරලා තියෙනවා අනික් රථගාලේ මෝටර් රථය නතර කරන්න කියලා. බැණ වැදීමක් වෙලා නැහැ. ඉල්ලීමක් කරලා තියෙන්නේ රාජකාරියට බාධා කිරීමක් කරලා නැහැ. රෝහල් අධ්‍යක්ෂකවරයා ලිඛිතව  දුන් පොරොන්දුවේ තියෙනවා අපට මේ රථගාල ලබා දෙනවා කියලා. දැන් ඒ පොරොන්දුව වෙනස් වෙලාද දන්නේ නැහැ.  රොහල් අධ්‍යක්ෂවරයා මේ ගැන විසඳුමක් ලබා දිය යුතු වෙනවා එසේ නැතිවුවහොත් ඉදිරියේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ ගැන රැස් වී තීින්දුවක් ගන්නවා” යනුවෙනි.

කමල් විජේහේවා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.