lakbima.lk

තෙල් මිල තවත් ඉහළ යන ලකුණු

ඇමෙරිකාව ඉරානයට විරුද්ධව ලබන නොවැම්බරයේදී සම්බාධක පැනවූවහොත්  තෙල් මිල තවත් ඉහළ යන බවට මත පළවන බව  අගමැති  රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවැසීය.  මුළු ලෝකයේම මේ වන විට තෙල් අර්බුධයක් ඇති බවත් ඒබැවින් ලෝක තෙල් වෙළෙඳ පොළේ විශාල වෙනස්කම් සිදුව ඇති බවත් අගමැතිවරයා කීවේය.

ලෝක තෙල් අර්බුදය හමුවේ තෙල් බැරලයක මිල ඩොලර් 90 දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළකර ඇති බවද අගමැතිවරයා කීවේය.  අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න ඇසීමේ වාරයේදී විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා තෙල් මිල සුත‍්‍රය සම්බන්ධයෙන් යොමුකළ ප‍්‍රශ්නයට   පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේද කීවේය.

ලෝක තෙල්මිල අඩුවෙන්නත් පුළුවන් වැඩිවෙන්නත් පුළුවන්.  ඒ නිසා තමයි තෙල් සඳහා මේ ක‍්‍රමවේදයන් හ`දුන්වලා දෙන්න තීරණය කලේ.    මැයි මාසයේදී මේ සඳහා තීරණය ගත්තා. මේ සඳහා  ජුනි මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. තෙල් මිල ක‍්‍රමවේදය නීත්‍යනුකූලවයි සිදුකරන්නේ.

අද ලෝක තෙල් වෙළෙඳ පොළේ විශාල වෙනසක් සිදුවෙලා තිබෙනවා. තෙල් බැරලයක් ඩොලර් 80 වඩා වැඩිවෙයි කියලා හිතනවා. ඉරානයට විරුද්ධව ඇමෙරිකාව නොවැම්බරයේදී සම්බාධක දැම්මාම තෙල් මිල තවත් ඉහළ යයි කියලා කතාවක් තියෙනවා ශීත කාලය  නිසා නොවැම්බර් සිට අපේ‍්‍රල් මාසය වෙනකන් තෙල් භාවිතාව වැඩිවෙනවා. මේනිසා තෙල් බැරලයක් ඩොලර් 90 ට ඉහළ යයි කියලා ඇතැම් අය අනාවැකි කියලා තියෙනවා. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්.

තෙල් සුත‍්‍රය නෙවෙයි මොන සුත‍්‍රය දැම්මත් ලෝකයේ විශාල අර්බුදයක් තිබෙනවා. ඒවාට විසදුමක් කවුරුන් හෝ ලබාදිය යුතුයි. ලොකයේ තෙල් ගැන අර්බුදයක් තිබෙනවා. එහෙම වුණත් ආර්ථිකය හසුරුවන්නත් , ජනතාවට සහන ලබාදෙන්නත් අපි දැනගත යුතුයි. අපි ඒක කරනවා.  

අනුර කුමාර දිසානායක මහතා - තෙල් මිල සුත‍්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම ගැනයි ඇහුවේ. තෙල් වැඩිවෙන ආකාරය මොකද්ද කියලා දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒහෙම නොදැන වැඩිවෙන ගානට විතරක් ඇයි ජනතාව ගෙවන්නේ. මේ ගැන කිසිකෙනෙක් උත්තර ලබා දෙන්නේ නැහැ.

ආණ්ඩුව මේ සුත‍්‍රය රටට ඉදිරිපත් නොකර හැම මාසෙම 10 දාට තෙල් මිල වැඩි කරනවා. නමුත් අදත් පෙට‍්‍රල් ලීටරයක් වරායෙන් බාද්දි මිල රුපියල් 81 යි. ඒයට රුපියල් 68.12 බදු ඒකතු කරනවා . ඞීසල් ලීටරයට රුපියල් 38.52 ක බද්දක් තිබෙනවා. මේ බද්ධ ඉහළ පහළ දැමීමෙන් තෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන්කම ආණ්ඩුවට තිබෙනවා.

ලසන්ත වීරකුලසූරිය, ප‍්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.