lakbima.lk

භාරකාර ආණ්ඩුවට කැමති අයට දොර විවෘතයි

අලුත් ආණ්ඩුවක් හෝ භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ නම් ඒ සඳහා ජ.වි.පෙ., ටී.එන්.ඒ. හා ඊට කැමැති එ.ජා.ප. මන්ත්‍රීවරුන්ද සම්බන්ධ කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය උනන්දු වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. කොළඹදී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට ගාමිණී ලොකුගේ හා පද්ම උදය ශාන්ත යන මන්ත්‍රීවරුන්ද සහභාගි වූහ.

වත්මන් ආණ්ඩුව පළවාහැරීමට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කළ හැකි ඕනෑම දෙයකට ඒකාබද්ධ විපක්ෂය කැපවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එ.ජ.නි.ස.යෙන් ආණ්ඩුවට සම්බන්ධ වී සිටින මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී ජාතික ආණ්ඩුවක් හෝ භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අපගේ සහය ඉල්ලා සිටියහොත් ඔවුන් සමග සාකච්ඡා කර දෙපාර්ශ්වයටම පිළිගත හැකි වැඩපිළිවෙළක් සකස් කර ඊට සහය දීමට එකඟ විය හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.