lakbima.lk

‘කුඩු ගෝලයෙක්‘ කෙසෙල්වත්තේදී පොලිස් දැලේ

අද(10) පෙරවරුවේ කෙසෙල්වත්ත පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අබ්බාස් ෂිර්දවුස් ෂබ්බුදස් නවාස් නොහොත් සෆ්රාස් නමැත්තා හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 150ක් සමඟ මාර්ටිස් පටු මග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 35ක් වන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින අජීම් නමැති අයගේ වැඩිමල් සොයුරා බව කියනු ලැබේ. දැනට ඉන්දියාවේ වෙසෙන දිනුක නමැත්තා සහ අජීම් සමඟ සමීප සම්බන්ධතා පවත්වන මොහු වටා සම්බන්ධ විවිධ නීතිවිරෝධී ක්‍රියා දාමයක් ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

දැනට වසර කිහිපයකට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමඟ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි දැනට ඩුබායිහි සිට හෙරෝයින් ජාවාරම මෙහෙය වන ඉර්ෆාන්ගේ සහචරයෙකු වන මොහු දැඩි ලෙස හෙරෝයින් භාවිතයට ඇබ්බැහි වී ඇති බවද අනාවරණ වී තිබේ. පසුගිය කාලයේ මොහුගේ හිතවතුන් පිරිසක් මොහු පුනරුත්තාථාන කඳවුරකට යොමු කොට ඇති මුත් එයින් ද පලාවිත් ඇති බව පොලිසිය කියයි.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත තොටවත්ත මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර, පොලිස් කොස්තාපල් වරුන් වන නිලන්ත(71363), දයානන්ද (75934), කුමාර(863747) යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.