lakbima.lk

මහ වැස්සට ජලාශ පිරීමෙන් ජල විදුලි නිෂ්පාදනය 50 දක්වා වැඩි වුණා

පවතින අධික වර්ෂාපතනය සමග විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 82.4 දක්වා ඉහළ යාම නිසා ජලවිදුලි නිෂ්පාදනය සියයට 50 දක්වා වැඩි වී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙරට විදුලි අවශ්‍යතාවෙන් සියයට 25 ක් ජල විදුලියෙන් නිෂ්පාදනය කෙරෙන අතර නියං සමයේදී එම ප්‍රමාණය ද නිෂ්පාදනය කළ නොහැකි තත්ත්වයක පැවැති බව සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසීය.

මේ වන විට ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ඩීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 50.00 කට පමණ මිලදී ගැනීම සිදුවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ තත්ත්වය හමුවේ මෙය ඉතාමත් යහපත් තත්ත්වයක් බව සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.