lakbima.lk

මිල සූත්‍රයෙන් ඉන්ධන මිල වැඩිවෙනවා විතරයි - ජනපති

ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දුන්නද එම සූත්‍රය හඳුන්වා දුන්දා සිටම ඉන්ධන මිල ඉහළ යනවා  මිස පහළට යාමක් වන්නේ නැතැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්  සිකුරාදා (14) පෙරවරුවේ සඳහන් කළේය.
ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය දිගටම පවත්වාගෙන යනවාද නැතිද යන්න පිළිබඳව ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන අයවැය සමග තීරණයක් ගන්නා බවද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳ‍පොළේ ඉන්ධන මිල වැඩි වන විට දේශීය වෙළෙඳ‍පොළේ ඉන්ධන මිල වැඩි වීමත්්, ලෝක වෙළෙඳ‍පොළේ ඉන්ධන මිල අඩු වන විට මෙරට ඉන්ධන මිල අඩුවීමත් වෙනුවෙන් මෙම සූත්‍රය හඳුන්වා දුන් බව කී ජනාධිපතිවරයා සූත්‍රය හඳුන්වා දුන් දින සිට වන්නේ තෙල් මිල ඉහළ යාම බැවින් තමාට මේ පිළිබඳව ගැටලුවක් පවතින බවද කීවේය.
ඩොලරයේ අගය ඉහළ යාම පාලනය කිරීම වෙනුවෙන් විද්වතුන් සමග සාකච්ඡා කොට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.