lakbima.lk

රුපියල බාල්දු වී ව්‍යවසායකයන් අමාරුවේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ මතෛක් සිදු නොවූ ආකාරයට රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (14) නිකුත් කර ඇති නවතම වාර්තාවලින් පැහැදිලි වේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 164.37 ලෙසද ගැනුම් මිල රුපියල් 160.94ක් ලෙසද සටහන් විය. මේ අනුව ඉකුත් 10 වනදා සිට දින හතරක් තුළදී රුපියල ශත 90කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවලට අනුව පෙනී යන්නේය. මෙලෙස රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම මෙරට ආර්ථිකයට සෘජු ලෙසම බලපාන බැවින් මනා ආර්ථික කළමනාකරණයක අවශ්‍යතාවය ආර්ථික විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම ජන ජීවිතයට අවශ්‍ය සියලු භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාවගේ ජීවන බර ඉහළ යාමත් සමග ඇතිවන අපහසුතාවය දැඩි සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අප මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ඉදිරිපත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ විවෘත වෙළෙඳ‍පොළ තුළ ඩොලර් එකේ විකුණුම් මිල රුපියල් 164.37 වුවද එහි නිරූපිත විනිමය අනුපාතය රුපියල් 162.80ක් ලෙසය.

 ජයසූරිය උඩුකුඹුර

Comments  

0 #1 Buddhika P 2018-09-16 02:08
අඩුම ගානේ අවුරුදු 5 - 10 වත් සැලැස්මක් නැතුව Forex ස්ථාවර කරන්න බෑ. විනිමය උපයන සංයුක්ත ධන මාර්ග හොයන්න වෙනවා. කෙටි කාලීනව නම් ඉතින් හැම එකාම ඉදිරියේ දණගහල $ හිඟා කන්න පුළුවන්. මිනිස්සුන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන වර්ජනයකට යන්න ඕනෑ, වල. අර ඉන්දියාවේ කලක් ව්‍යාපාරයක් තිබුනේ. "සියරට දේ සිරි සැප දේ" කියපු කාලයකුත් තිබුනේ අපිට. ඒ තව දෙයක් කෙටි කාලීනව කරන්න. 1977 ඉඳල ගත්තු මෝඩ තකතීරු ආර්ථික ප්‍රතිපත්ති හින්ද රට හැම අතින්ම නැති උනා. මොනරාගල ව්‍යවසායක ප්‍රදර්ශන තියල, ___ එකේ "ඇත්පවුර" වගේ කරලා කරන්නෙත් මිනිස්සුන් අන්දන එක. මේ රටේ ඔක්කොම ආර්ථික වැඩ සේරම මොකක් හරි marketing වැඩක කොටසක් විතරයි. රටේ බිසනස් කාරයෝ කරන්නෙත් පාලකයෝ කරන බොල් වැඩ මයි. 1970 මුල UAE තිබුනේ අපිට අන්ත සරණාගත කඳවුරක් වගේ. නමුත් දැක්මක් තිබුණු පාලකයෝ ඒ රටවල් හැදුවා. සින්ගප්පුරුවත් ඒ වගේ. අද GCC රටවලට තියෙන මුලික ප්‍රශ්නේ බුද්ධිය ආනයනය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙලා. විශාල විදේශ විනිමයක් පිටට ඇදිල යනවා. ලංකාව ඉන්දියාව වගේම බටහිර රටවලුත් මෙයින් ප්‍රයෝජන ලබනවා. මේවා අපි නොදැනීම දැන් නිවැරදි කරගෙන යනවා. අන්තිමට ඉතුරු උනේ රටට නැති උණු $ හොයන්න අපේ අම්මලාව පිටරටුන්ගේ කක්කුස්සි හෝදන්න අපේ අම්මල යවන්න වෙන තැනට රට ගෙනාව.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.