lakbima.lk

වට්ටුවාකල් කලපුවේ මාළු එකදිගට මියයති

මුලතිව් නන්දිකඩාල් කලපුව ආසන්නයේ වට්ටුවාකල් පාලම සහිත කලපුවේ හදිසියේම මසුන් මිය යන්නට පටන් ගෙන තිබෙන බව මුලතිව් ජාතික ධීවර සහයෝගිතා සංවිධානයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
මෙලෙස මියගිය මසුන් 11 වැනිදා මධ්‍යහනයේ සිට කලපුවේ වෙරළට තොග වශයෙන් ගසාගෙන එන්නට පටන් ගත් බව නන්දිකඩාල් සහ වට්ටුවාකල් කලපු හි ධීවර කටයුතුවල නියැළෙන ධීවරයෙක් ‘ලක්බිම’ වෙත ප්‍රකාශ කළේය.
මෙම හේතුව නිසා එම කලපුවල ධීවර කටයුතුවල නියැළෙන ධීවරයන්ට දින ගණනාවක් තිස්සේ මසුන් ඇල්ලීමේ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මේ පිළිබඳව ජාතික ජලජ සම්පත් හා ජලජ ජීවී පර්යේෂණ සංවර්ධන නියෝජිතායතනයෙන් කළ විමසීමකදී එහි පරිසර පර්යේෂණ අධ්‍යනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ශ්‍යාමලි වීරසේකර මහත්මිය කියා සිටියේ මේ දිනවල පවතින දැඩි අව් රශ්මිය නිසා වැවේ ජලය හිඳීයාමත්, ඊට ලුණු මිශ්‍ර ජලය එකතුවීමත් නිසා එම ජලය විෂ වීමෙන් මෙලෙස වට්ටුවාකල් කලපුවේ මසුන් මිය යන බවයි.

රුක්මාල් සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.