lakbima.lk

ප්‍රසන්නට එරෙහි නඩුව අද

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 640 ක කප්පමක් ඉල්ලා  තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිදට එරෙහි නඩුව ඊයේ  විභාගයට ගත් අතර විත්ති පාර්ශ්වයේ නීතීඥවරුන් නඩු විභාගයට සූදානම් නොමැතිවීම හේතුවෙන් නඩුව අද (14) දිනයට කල් තැබීමට මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කළාය.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අභියාචනාධිකරණයේ නඩුවකට පෙනී සිටින බැවින් මෙම නඩුව කල් තබන ලෙස විත්තියේ කණිෂ්ඨ නීතීඥවරයෙක් මගින් මෙම ඉල්ලිම කර ඉදිරිපත් කර තිබිණ.
කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමෙන් පසුව එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සදහා මෙසේ කප්පම් ඉල්ලා තිබු බව පැවසුණූ අතර මීට පෙර සාක්ෂි දුන් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ප්‍රකාශ කළේ ප්‍රසන්න රණතුංග මහතා සිය බිරිදගේ සහෝදරයා මගින් කප්පම් ලබාගැනීම හා ගනුදෙනු කිරීම් සිදුකළ බවයි.
ඒ අනුව තමන් සහ බිරිද ජීවිත ආරක්ෂාව පතා චෙක්පත් 11 ක් අත්සන්කර දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව අධි චෝදනා 15 ක් නීතිපතිවරයා විසින් ගොනුකර තිබේ.‍ මෙම සාක්ෂිකරුගෙන් විත්ති පාර්ශ්වයේ හරස් ප්‍රශ්න විමසීම අද  (14) දිනයේ සිදු කෙරෙණූ ඇත.

දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.