lakbima.lk

ගැටලු විසඳන්න බල කරන හෙද-හෙදි උද්ඝෝෂණය අද

හෙද ගැටලු විසඳන ලෙස බල කරමින් අද (14) ජාතික රෝහ‍ලේදී හා මහනුවරදී මහ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන බව සමස්තලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
දිගින් දිගටම ගෙව්ම් ප්‍රමාද කරමින් තිබෙන හෙද නිලධාරීන්ගේ 2016/2017 වසරවල හිඟ අතිකාල මුදල් ලබාගැනීම, ශ්‍රේණිගත උසස්වීම්වලට අදාළ දීමනා ලබා ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ජාතික රෝහ‍ලේ හා මහනුවර මහ රෝහ‍ලේ හෙද හෙදියන් අද (14) පෙ.ව. 11.30ට එම රෝහල් ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට සැලසුම් කර ඇත.

තනුජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.