lakbima.lk

‍පොළොන්නරුව තවත් රත්වෙයි

වැලිකන්දේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ද ඉක්මවා ඇතැයි වැලිකන්ද ප්‍රාදේශීය ‍ලේකම් හර්ෂ බණ්ඩාර මහතා පවසයි.මේ දිනවල ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින දැඩි උෂ්ණත්වය නිසා ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බවත් විශේෂයෙන් පාසල් සිසුන් ඇතුළු කුඩා දරුවන් ඉන් බරපතළ ලෙස පීඩා විඳින බවත් හර්ෂ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි.
මේ දවස්වල තියෙන උෂ්ණත්වය දරාගන්න බෑ. සතුන්ට විතරක් නමෛයි මිනිස්සුන්ටත් එය දරාගන්න අමාරුයි. නිවෙස්, කාර්යාල ආදී ආවරණ සහිත තැන්වල හිටියත් මේ උෂ්ණත්වය දරාගන්න බෑ. වැලිකන්දේ මේ වන විට සෙල්සියස් අංශක 40 ත් ඉක්මවලා තියෙන්නේ. අපි විටින් විට පරිසර උෂ්ණත්වය පරීක්ෂා කරන කොට එහෙම තමයි උෂ්ණත්වමාන පෙන්වන්නේ. මේ නිසා රාත්‍රියටවත් නිදාගන්න අපහසුයි. පාන්දර තමයි මේ උෂ්ණත්වය අඩු වෙන්නේ යැයි හෙතෙම කීය.
‍පොළොන්නරුව ප්‍රාදේශීය කාලගුණ මධ්‍යස්ථානයේ ස්ථාන භාර කාලගුණ විද්‍යාඥ එච්. එම්. එස්. පාලිත හේරත් මහතා:
මේ දවස්වල ‍පොළොන්නරුවේ වාර්තා වෙන්නේ සෙල්සියස් අංශක 37, 36 වගේ අගයක්. අපි පරීක්ෂා කරන ස්ථාන කිහිපයක්ම දිස්ත්‍රික්කය පුරා තිබෙනවා. ඉන් ලැබෙන උෂ්ණත්වය පිළිබඳ වාර්තා සැලකිල්ලට අරගෙන පැය 24 ක කාලය තුළ සාමාන්‍ය ගණනය කර තමයි ‍පොළොන්නරුවේ උෂ්ණත්වය වාර්තා කරන්නේ. වැලිකන්ද ප්‍රදේශයේ උෂ්ණත්වය ගැන අපට යමක් කියන්න අමාරුයි. එහෙම ගණන් ගන්නා ස්ථානයක් එහි නෑ.
කෙසේ වෙතත් ‍පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතාගෙන් දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව අපි විමසීමක් කළෙමු.
මේ වන විට පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ පවුල් 4420 කට අයත් පුද්ගලයන් 16,923 ක් පීඩාවට පත් වෙලා ඉන්නවා. පාසල් 8 ක් පීඩා විඳිනවා. එහි ළමුන් 2625 ක් පානීය ජල ප්‍රශ්නයට මුහුණ දීලා තිබෙනවා. අපි බවුසර් 8 ක් යොදාගෙන මේ වන විට දිනකට පානීය ජලය ලීටර් 104000 ක් බෙදා හරිනවා. වැඩිම පීඩාවට පත්වෙලා තියෙන්නේ වැලිකන්ද ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසය. ඊළඟට දිඹුලාගල යැයි ඒ මහතා පැවැසීය.

ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.