lakbima.lk

බස් ගාස්තු ඉහළ දැමීමට ගමනාගමන කොමිසම එකඟයි

වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට ජාතික ගමනාගමන කොමිසම ඊයේ (13) එකඟ වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවැසීය.
මෙහිදී බස් ගාස්තුව සියයට 5 ක් පමණ ඉහළ යනු ඇතැයි බස් සංගම් නියෝජිතයෝ බලා‍පොරොත්තුවෙන් සිටිති.
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් ඊයේ (13) දහවල් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම එකඟතාව ඇතිවී තිබේ.
ජාතික ගමනාගමන කොමිසමේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා අද (14) දිනයේ ලංකාවට පැමිණීමෙන් පසු ඔහු සමග මේ පිළිබඳව සාකච්ඡා කරන බව සභාපතිවරයා බස් සංගම් නියෝජිතයින් වෙත මෙහිදී පවසා ඇත.
ඉන්පසු අදාළ යෝජනාව එළඹෙන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට යොමුකර බස් ගාස්තු පිළිබඳව තීන්දුවක් ගැනීමට ජාතික ගමනාගමන කොමිසම එකඟතාව පළකර තිබේ.

පානුක රාජපක්ෂ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.