lakbima.lk

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නිදහස්

හෙරොයින් ග්‍රෑම් 8.1 ක් සන්තකයේ තබාගත් බවට සැක කෙරෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුලු විත්තිකරුවන් 5 දෙනෙකු කොළඹ මහාධිකරණය මඟින් අද (13) නිදොස්කොට නිදහස් කරන ලදී.

පැමිණිලි  පාර්ශවයේ සාක්ෂි පරස්පර විරෝධී වීම මත විත්තියට එරෙහි චෝදනාවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි බැවින් විත්තිකරුවන් මෙසේ නිදහස් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා කීය.

2003 වසරේ මහරගම ප්‍රදේශයේදී අත් අඩංගුවට  ‍ගෙන තිබු විත්තියේ ප්‍රධාන සැකකරු පසුව ඇප මත නිදහස් කරන ලදුව 2015 මාර්තු 19 වන දා පකිස්ථානයේ සැඟව සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කරන ලදී.

අනතුරුව ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව  පුරා මාස 6ක් ප්‍රශ්න කිරීමෙන් පසුව 2015 සැප්තැම්බර් 19 වැනි දා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකකරු ඉදිරිපත් කිරිමෙන් පසුව එය මහාධිකරණය වෙත යොමු කරන ලදී.

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.