lakbima.lk

බස්නාහිර පළාත් සභාවට බෙල්ජියම් පුටු ගෙන්වීම නතර කරයි

එකක් රුපියල් 640 000 වටිනා පුටු 125 ක් බස්නාහිර පළාත් සභාවේ ප්‍රයෝජනය සඳහා බෙල්ජියමෙන් ගෙන්‍වා ගැනීම සම්පූර්ණයෙන් නතර කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම පුටු ඇණවුම දේශීය සමාගමක් වෙත පැවරීමට තීරණය කළ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා මෙම ඇණවුම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුවත් කර තිබූ අතර එය තාවකාලිකව නතර කළ ආණ්ඩුකාරවරයා ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙස නියෝග කොට තිබුණි. එම වාර්තාවට අනුව එම බෙල්ජියම් පුටු ආනයනය සම්පූර්ණයෙන් නතර කළ බව අද පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය.

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.