lakbima.lk

ජනපති ප්‍රධානත්වයෙන් හත්දරු යුවළක් විවාහ දිවියට

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ නව ගෙඩනැගිල්ල විවෘත කළ අවස්ථාවේදී වසර 40ක් පුරා අවිවාහකව යුගදිවියක් ගත කළ මව්පිය යුවළක් නීත්‍යනුකූලව විවාහ කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
 හුංගම තුඩුව පදිංචි වී.පී. ප්‍රේමරත්න සහ ටී.ජී. මාලනී යන යුවළ මෙලෙස විවාහ කරදී ඇත. නීත්‍යනුකූල විවාහයකට ඇතුළත් නොවූ මේ යුවළ පිරිමි දරුවන් හතර දෙනෙකුගේ සහ ගැහැනු දරුවන් තිදෙනකුගේ මව්පියන්ය. එම දරුවන් හයදෙනෙකු නීත්‍යනුකූල විවාහ දිවියට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මැතිඇමැතිවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ගයාත්‍රි ගීගනආරච්චි

Comments  

0 #1 nipun jayesundara 2018-09-13 07:35
echcharayi Aduwa thibune ekath hari
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.