lakbima.lk

දෙවියන් කියූ නිධානය ගන්න කුස්සිය හාරමින් සිටි සැමියා දැලේ

බිරිඳට දේවතාවකු විසින් සිහිනයෙන් පැවැසු වටිනා මැණිකක් සහිත නිධානය ෙගොඩට ගැනීම සඳහා බිරිඳත් සමග නිවසේ මුළුතැන්ගෙයි කැණීමක් සිදුකරමින් සිටි සැමියකු පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ 119 අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (09) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර නිවන්තකචේතිය පාර, යාපනය හංදිය ප‍්‍රදේශයේ පිහිටි නිවසක මුළුතැන්ගෙයි ඉතා රහසිගතව කැණීමක් සිදුකෙරෙන බවට පොලිසියට ලැබුණු තොරතුරු මත වැටලීම සිදුකර නිවසේ හිමිකරු වන 52 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.
නිවස වටලන විට මුළුතැන්ගෙයි අඩි හතරක් පමණ පළල අඩි අටක් දහයක් අතර ගැඹුරු වළක් හාරා තිබූ අතර ඒ ආසන්නයේ මල් වට්ටි තුනක් උදෑල්ලක් ගල්විදින මැෂිමක් හා විදුලියෙන් ක‍්‍රියාත්මක කෙරෙන වතුර මෝටරයක් ඇතුළු උපකරණ කිහිපයක් තිබී පොලීිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ගෙහිමියා සති තුනක පමණ කාලයක් තිස්සේ ඉතා රහසිගත අන්දමින් මුළුතැන් ගෙයි පොළව කැණීම සිදුකර තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (10) අනුරාධපුර මහෙස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පොලිස් හදිසි ඇමැතුම් අංශයේ පොලිස් සැරයන් (51643) සෙනවිරත්න පොලිස් කොස්තාපල් (53565) දයාරත්න යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීිසියේ දුෂණ මර්දන අංශයට බාරදී තිබුණි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.