lakbima.lk

එන්ටර්ප‍්‍රයිස් ලංකා වැඩසටහනෙන් රැකියා දෙන බව කියා සල්ලි අරන්

රජයේ ‘‘එන්ටර්ප‍්‍රයිස්ශී‍්‍ර ලංකා‘‘ වැඩසටහනට සමගාමීව විශේෂ ව්‍යාපෘතියක් ලෙස මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්තමේන්තුව මගින් රැකියා ලබා දෙන බව පවසා හෝමාගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක දී රැකියා අපේක්ෂිතයන්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කළ බව කියන කාන්තාවන් තිදෙනෙකු ඊයේ (10) දින සවස සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි.
මිනිස්බල හා රැකියා කටයුතු අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වෙනුවට අත්සන් කළ ලිපියක් යොදා ගෙන හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් පවා රැවටීමට ලක් කරමින් ග‍්‍රාම නිලධාරීන් හරහා අදාළ රැකියා අයැදුම්පත් බෙදා හැරීමට කටයුතු කර ඇති බවත් ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට අදාළ අයැදුම්පත් නිකුත් කර  මෙලෙස ජනතාව රවටන බව ලද පැමිණිල්ලකට අනුව හෝමාගම පොලීසියේ නිලධාරීන් අදාළ වැටලීම කළ බවද පොලීසිය පවසයි.
 මෙලෙස අයැදුම්පත් ලැබුණු හාරසිය දෙනෙකුට ආසන්න පිරිසක් ඊයේ (10) දින උදෑසන සිට අදාළ විහාරස්ථානයේ සම්මුඛ පරීක්ෂණ ශාලාව වෙත පැමිණ සිට ඇති බවත් එහිදී එක් රැකියා අපේක්ෂිතයකුගෙන් අයැදුම් පත් ගාස්තුව ලෙස රුපියල් 300/- ක මුදලක් හා සම්පූර්ණ කරන ලද අයැදුම් පත‍්‍රය සමගින් රුපියල් 12500/- මුදලක් ලබා ගන්නා බව එම තරුණ තරුණියන් දැනුවත් කර ඇති බවද කළ විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලීසිය පවසයි
එම සම්මුඛ පරීක්ෂණ කළ විහාරස්ථානයේ ශාලාවෙහි හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනු දැනුම මත ග‍්‍රාම නිලධාරීන් කිහිපදෙනෙකුද සිට ඇති බවත් එ් සම්බන්ධයෙන් අදාළ ග‍්‍රාම නිලධාරීන්ගෙන්ද ප‍්‍රකාශ සටහන් කර ගන්නා බවද පොලීසිය පවසයි.
කිරුළපන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සම්මුඛ පරීක්ෂණ කළ කාන්තාවන් තිදෙනාට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන බව පවසා අදාල කටයුත්ත සදහා යොමු කර ඇති බව කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වෙමින් පවතින බැවින්  මෙහි ප‍්‍රධාන සැකකරු බව කියන පුද්ගලයාද අත් අඩංගුවට ගැනීම සඳහා වැඩි දුරටත් පරීක්ෂණ කරන බවද හෝමාගම පොලීසියේ උසස් නිලධාරියෙකු පැවැසීය
අත් අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා කිරුළපන කටුගස්තොට හා බේරුවල ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 45, 35 සහ 31 වසස්වල අයවලූන් වන බවත් මෙහි ප‍්‍රධාන සැකකාරිය වයස අවුරුදු 45 ක් වන කාන්තාව වන බවත් අනෙත් දෙදෙනා ඇයගේ අත් උදව්කාරියන් බවත් අනාවරණය වූ බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් අදාළ ලිපි ශීර්ශ මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු පැමිණ හ`දුනා ගත් බවත් එම දෙපාර්තමේන්තුවෙන් සොරකම් කරන ලද ලිපියක් යොදා ගනිමින් එකම යොමු අංකය යටතේ අදාළ ලිපි සියල්ල නිකුත් කර ඇති බව එම නිලධාරීන් විසින් පොලීසියට දැනුම් දුන් බවද පොලීසිය පවසයි.
ඒ අනුව සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා අද (11) දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණටට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
හෝමාගම මූලස්ථාන පොලීසියේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතාගේ උපදෙස් පරිද පරිපාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පරාක‍්‍රම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

හෝමාගම -  නිසල් යොවිදු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.