lakbima.lk

ලංකා ඊ නිවුස් කර්තෘට එරෙහි පෙත්සම සලකා බැලීම කල්යයි

ශ්‍රී ලංකා අධිකරණයට හා අධිකරණ විනිසුරුවරුන්ට අපහාස වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කළේ යැයි කියන ලංකා ඊ නිවුස් වබේ අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර නැමැත්තාට සහ නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතාට එරෙහිව නීතිඥ මදුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම සලකා බැලීම ලබන පෙබරවාරි 27 වැනිදා දක්වා කල් තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියෝග කළේය.
එම පෙත්සම නලින් පෙරේරා, එල්.ටී.බි. දෙහිදෙනිය හා මූර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිනි.
මේ වන විට ලන්ඩනයේ ජීවත් වන්නේ යැයි කියන ලංකා ඊ නිවුස් වබේ අඩවියේ කර්තෘවරයා වෙත නොතීසි නිකුත් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය  මින් පෙර අවස්ථා කිහිපයකදීම පැමිණිල්ලට නියෝග කොට තිබුණි.
එසේ නමුත් එම වගඋත්තරකරු මේ දක්වා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හා ඔහුට නොතීසි නිශ්චිතව ලැබුණේ දැයි තහවුරු නොවීම මත විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

නිශාන්ති රාමනායක - කොළඹ  අධිකරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.